දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

9th May 2023

යුද්ධ හමුදා මුලස්ථානයේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් ඒ.එස්.කේ වීරකෝන් යූඑස්පී පසුගිය සඳුදා (8) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකයේදී රාජකාරි භාරගන්නා ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය උපදේශක වරයෙක් ලෙස කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් එස්.කේ ජයසිංහ මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි සිදුකරනු ලැබීය.

කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඒ.එස්.කේ වීරකෝන් යූඑස්පී ධූරයේ රජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එතුමිය යුද්ධ හමුදා දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරන ලදී.