අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක

1st May 2023

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිපාලන හා සුබසාධන කටයුතු, ක්‍රියාකාරී අංශයන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස් පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් එම මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූවේය.

එම මූලස්ථානය වෙත සපැමිණි අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සුහද හමුවකට සහභාගී වූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ප්‍රායෝගික ගැටලු සහ ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද වැඩිදුරටත් සොයාබැලීය.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම සුහද හමුව සඳහා 22 සහ 24 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.

සංචාරයෙන් පසුව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික පුනානි ප්‍රදේයේ පිහිටි යුධෝපකරණ ගබඩා සංකීර්ණය, 23 පාබල සේනාංක මූලස්ථානය සහ බලඇණි පුහුණු පාසලේ ද සංචාරයක නිරතවිය. එම සංචාරයන් සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එරන්ද රත්නායක සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී වූහ.