පානළුව යුද්ධ හමුදා වෙඩිපිටිය පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්

7th May 2023

කොළඹ ෂෙරටන් හෝටලයේ (the Sheraton Hotel, Colombo) නිලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පානළුව යුද්ධ හමුදා වෙඩිපිටිය පරිශ්‍රයේ ‘කුඹුක්’ පැළ 100 ක් සිටුවීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

කොළඹ ෂෙරටන් හෝටලයේ වාර්ෂික රුක් රෝපණ දිනයට සමගාමීව එම හෝටලයේ නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය අනුග්‍රහය දැක්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් හා 142 බලසේනාවේ බලසේනාධිපති සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ මෙහෙයවීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.