යුද්ධ හමුදා විශේෂාංග
යුද්ධ හමුදා සෙබළෙකු බූස්සේදී රන් මාලයක් කොල්ලකෑ සොරෙකු අල්ලයි

අඟහරුවාදා (18) දින පස්වරුවේ බූස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑ සොරෙකු දුටු බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සෙබළෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී සොරා අල්ලා ගන්නා ලදී.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

දශක තුනකට අධික යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ බණ්ඩාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී පසුගිය සෙනසුරාදා (08) දින පැවැත්විණි.
මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් හමුවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බ්‍රහස්පතින්දා (06) දින යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සිවකොලුදු ශ්‍රීසත්කුණරාජා මහතා හමුවිය.
ධූරයේ රාජකාරි භාරගත් 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතයි

68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි මාර්තු මස 20 දින සහ අප්‍රේල් මස 02 යන දිනයන්හිදී 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරක නිරත වෙමින් එම භටපිරිස්හි සුවදුක් විමසන ලදී.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති පාබල ඒකක සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ඒකක සංචාරයේ සිව්වන අදියර වශයෙන් භටපිරිස්හි සුවදුක් විමසීමේ අරමුණින් පනාගොඩ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය, දෙල්ගොඩ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය සහ කැලණිමුල්ලේ ස්ථාපිත 2 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයන් වෙත මාර්තු මස 28 වන දින සංචාරයන් සිදුකරන ලදී.
රිදියගම සහ ඉරණමඩු යුද්ධ හමුදා ගොවිපළවල්හි අස්වැන්න නෙලයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය යටතේ පාලනය වන රිදියගම සහ ඉරණමඩු ගොවිපලේ අක්කර 20 කට වැඩි භූමි ප්‍රමාණයක් තුළ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ සහ අනෙකුත් කාලීන භෝගයන්හි අස්වැන්න නෙලීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා මූලස්ථානය මුලතිව්හි සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සිය (Lieutenant Colonel Puneet Sushil) උතුරු පළාත් සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (31) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්හි සංචාරය කළේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි මාර්තු මස 21 සහ 22 දෙදින තුළ 23 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත වූවේය.
68 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරයක

68 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පසුගිය සඳුදා (මාර්තු මස 13) දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.ජී.ඩබ්ලිව්.එම්.එස්.පී විජේකෝන්ගේ ආරාධනයකට අනුව එම ඒකකයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 33 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිමානවත් 33 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2023 මාර්තු මස 22 දින බෝයගනේ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වර්ණවත් සංවත්සර සැමරුම් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.