‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ 9 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

28th April 2023

පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ අභිමානවත් 9 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ කෙටි සැමරුම් උත්සවයක් පැවැත්විණි.

අප්‍රේල් මස 25 දිනට යෙදුණු සංවත්සර දිනයේදී ‘අභිමංසල - 3’ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.කේ.ජී.සී. පැස්කුවෙල් යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ගීතය ගායනා කර එම සුවතා නිකේතනයේ සේවයේ නියුතු භටපිරිස් සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් ඇමතුවේය.

එදිනම සන්ද්‍යාවේ පිරිත් සජ්ඣායනා වැඩසටහනක් පවත්වමින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්, සිය පවුලේ සාමාජිකයන් සහ යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කළ අතර පසුදින (26) උදෑසන භික්‍ෂුන් වහන්සේලා වෙත හීල් දානය පූජාකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ විශේෂ අවශ්‍යතා සහිත රණවිරුවන් පිරිසක් සහභාගී වූහ.