විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

9th May 2023

දශක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 මැයි මස 03 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් භටපිරිස් විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරචාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු සරඹ භූමියේදී සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

එදින සන්ධ්‍යාවේ විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් සමුගැනීමේ කතාව පවත්වමින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළේය.

අනතුරුව, බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී සිය අදහස් දක්වමින් කර්නල් සේනාවිධායක ඇතුළු එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ එතුමන්ගේ සේවා කාලය තුළ සහයෝගය ලබාදුන් සියලුදෙනා වෙත ස්තූතිය පුදකළේය.