යුද්ධ හමුදා විශේෂාංග

Clear

යුද්ධ හමුදා සෙබළෙකු වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

2023-04-01

වර්ෂ 1963 දී යුද්ධ හමුදාවට බැඳී 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කළ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සෙනසුරාදා (01) දින පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති කඳවුරු සංචාරයක

2023-04-01

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.


යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක

2023-04-01

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 30) දින පාලන පරීක්‍ෂාවක් සඳහා පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක කඳවුරු සංචාරයක නිරත වෙයි

2023-03-30

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් දර්ශන විජේසේකර 2023 මාර්තු මස 24, 27 සහ 28 තෙදින තුළ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි...


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

2023-03-30

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය බදාදා (මාර්තු මස 29) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සමඟින් සුහද හමුවක් පැවැත්වීය.


ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි හමුවෙයි

2023-03-29

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය බදාදා (29) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක නිරත වූයේය.


‘අභිමංසල 3’ නව සේනාවිධායක සිය ධුරයේ රාජකාරි අරඹයි

2023-03-29

ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් චමින්ද පැස්කුවෙල් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 16) දින පාන්ගොල්ලේ පිහිටි ‘අභිමංසල 3’ නව සේනාවිධායක ලෙස හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.


1 වන බලකායේ බලකාධිපතිතුමන් විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සංචාරයක

2023-03-20

1 වන බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය සඳුදා (මාර්තු මස 13) දින මුන්ඩිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය. බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කමල් අමරසිංහ, සංචාරයේ නිරත 1 වන බලකායේ බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් පසුව එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය.


තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

2023-03-16

යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී පසුගිය සඳුදා (13) දින රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ප්‍රියන්ත දිසානායක ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් සුජීව පෙරේරා මෙම ධූරය සඳහා පත්කෙරිණි. බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මීඨ ප්‍රථම එතුමන් 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.


68 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි කටයුතු අරඹයි

2023-03-06

ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පෙබරවාරි මස 27 දින පුතුකුඩිඉරිප්පු හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.