ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශක මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක
4th May 2023
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර පසුගිය බදාදා (අප්‍රේල් මස 26) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
එම පුහුණු පාසල වෙත සපැමිණි කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් එම්.ටී.ඒ.සී. ගුණවර්ධන ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ විෂය මාලාවන් සහ පාඨමාලාවන් සඳහා විදේශීය සිසුන් ඇතුලත් කරගැනීම සබැඳිව කෙටි පැහැදිලිකිරීමක් සිදුකරනු ලැබීය.
මෙම සංචාරය සමාප්තියේ, පුහුණු පාසල් සේනාවිධායක සංචාරයේ නිරත ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශකතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.