යුද්ධ හමුදා විශේෂාංග
මේජර් ජෙනරල් ලලිත් හේරත් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍ෂේත්‍ර සංචාරයක

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රි ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරිගේ ඉල්ලීමකට අනුව ඉකුත් ඉරිදා (12) දින ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 16 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

දඹුල්ලේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 16 වන අභිමානවත් සංවත්සරය එම රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා ( 11) දින එතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා ගෞරවාචාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නව නිල ලාංඡනය පැළදීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (04) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංක භටපිරිස් සහ එම සේනාංකය යටතේ ඇති බලසේනාවන්හි සහ ඒකකයන්හි භටපිරිස් මූලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය.
උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිට එම සේනාංකයේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලබා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවා පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන වෙත පසුගිය බදාදා (8) දින එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකරන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් නිල සංචාරයක

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය 08 සහ 09 සහ දිනයන්හිදී යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානය, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරයේ නිරත විය.
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ක්‍ෂේත්‍ර සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පල්ලෙකැලේ පිහිටි 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ප්‍රථම නිල සංචාරය පසුගිය බදාදා (08) දින සිදු කරන ලදී. එතුමන් මීට වසර 13 කට පමණ පෙර එම ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරනු ලැබීය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ඒකකයේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් චමිල ලහදසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති නුවරඑළියේ නිල සංචාරයක

පස් දින නිල සංචාරක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M) ) පසුගිය සෙනසුරාදා (11) දින නුවරඑළිය ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා සහභාගී වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, සිය බලප්‍රදේශයේ සංචාරයක

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මූලස්ථානයේ යාවත්කාලීන කිරීම් ලබාගැනීම සහ පරිපාලන ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සිකුරාදා (10) දින එම ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, සිය බලප්‍රදේශයේ සංචාරයක

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ඉකුත් සෙනසුරාදා (11) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ සහ මින්නේරිය යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
23 වන පාබල සේනාංකයේ භටපිරිස් ‘මහ’ කන්නයේ වී අස්වැන්න නෙළා ගනී

පූනායි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් ‘මහ’ කන්නයේ වපුරන ලද අක්කර 50ක වී වගාවේ අස්වැන්න පසුගිය බ්‍රහස්පතින්දා (09) දින නෙළා ගනු ලැබූහ.