යුද්ධ හමුදා විශේෂාංග
ධුරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 23 පාබල සේනාංකයේ ගෞරවාචාරය

නික්ම යන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (ජුනි මස 05) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
ලෝක පරිසර දිනය වෙනුවෙන් 53 සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ පැළ 350ක් රෝපණය කෙරේ

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත පසුගිය සඳුදා (05) දිනට යෙදෙනු ‘ලෝක පරිසර දිනයට’ සමගාමීව ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 පාබල සේනාංක පරිශ්‍රය තුළ පැළ සිටුවීමේ වැඩසටහනක් පැවැත්විණි.
සන්නාහ සන්නද්ධ බලසේනාවේ 35 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

සන්නාහ සන්නද්ධ බලසේනාවේ 35 වන සංවත්සරය 2023 ජුනි මස 01 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.පී. කාරියවසම් සහභාගී වූවේය.
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ජුනි මස 07 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය ධූරයෙන් නික්ම යයි

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2023 ජූනි මස 07 දින සිය ධූරයෙන් නික්ම යන ලදී. එතුමන් එම ධූරයෙන් නික්මයෑමට මත්තෙන් 2023 ජූනි මස 05 දින 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 සහ 523 පාබල බලසේනාවන්හි සුහද සංචාරයක නිරතවෙමින් එහි නිලධාරීන් සහ සෙසුනිලයන් අමතන ලදී.
1 බලකායේ 3 වන බලකාධිපති සිය ධූරයෙන් නික්මයයි

1 බලකායේ 3 වන බලකාධිපති ලෙස ධූරය හෙඹවූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2023 ජූනි මස 05 දින කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූලව උත්සවයකදී සිය ධූරයෙන් නික්ම යනු ලැබීය.
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුනි මස 04) දින මෝදර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කළමණාකරණ මණ්ඩලයේ රැස්වීමට සහභාගී වෙයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (09) දින බුත්තල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ ප්‍රථම රැස්වීමට සහභාගී විය.
යක්කල රණවිරු ඇපරල් ආයතනය ‘වෙසක්’ උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරයි

යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු රණවිරුවන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ නිර්මාණාත්මක පහන් කූඩු සහ සැරසිලි නිර්මාණය කරමින් වෙසක් උත්සවය සැමරීමට දායකත්වය දක්වනු ලැබීය.
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති භටපිරිස් අමතයි

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී, අප්‍රේල් 30 දින (ඉරිදා) යාපනය...