යුද්ධ හමුදා විශේෂාංග

Clear

573 වන පාබල බලසේනාවේ 3 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

2023-03-06

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 573 වන පාබල බලසේනාවේ අභිමානවත් 3 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න ගේ මඟපෙන්වීම යටතේ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (02) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබිණි.


ශ්‍රී ලංකා සංඥා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

2023-03-06

ශ්‍රී ලංකා සංඥා බලකායේ 16 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් සුගත් රත්නායක පසුගිය සෙනසුරාදා (04) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2023-03-06

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි.


උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නිල සංචාරයක

2023-03-04

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පසුගිය බ්‍රහස්පතින්දා (02) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර හමුවූයේය.


ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ උපාධිධාරීන් අතර හමුවක්

2023-03-03

ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ (APCSS) හිටපු උපාධිධාරීන් පිරිසක් පසුගිය සඳුදා (27) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සාකච්ඡාවක නිරතවිය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මැතිණිය සහභාගි වූවාය.


572 වන පාබල බලසේනාවේ 16 වන සංවත්සරයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහනක්

2023-03-03

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 572 වන පාබල බලසේනාවේ 16 වන සංවත්සරය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාන් විමලසේන ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින තුළ පවත්වනු ලැබිණි.


ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර , 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිරීක්‍ෂණ චාරිකාවක

2023-03-02

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිරීක්‍ෂණ චාරිකාවක, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පෙබරවාරි 28 (අඟහරුවාදා) දින නිරත වූයේය.


උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ ගෞරවාචාරය

2023-02-17

උසස්වීම් ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකාය මූලස්ථානයේදී පැවැත්විණි.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

2023-02-17

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්‍රථම නිල සංචාරය ලෙස පසුගිය සිකුරාදා (පෙබරවාරි 10) දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.


11 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

2023-02-17

පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ ගේ මඟපෙන්වීම මත පෙබරවාරි මස 14 සහ 15 දෙදින තුළ බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.