ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති රාජකාරි අරඹයි

20th April 2023

කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එස්.ඒ. පතිරණ ආර්එස්පී පසුගිය බදාදා (19) දින රාජකාරි භාරගත්තේය.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් එස්.ඒ. පතිරණ ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

නව ධූරයේ රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් එස්.ඒ. පතිරණ ආර්එස්පී මාණ්ඩලික නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව භටපිරිස් ඇමතූවේය.