යුද්ධ හමුදා විශේෂාංග
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මන්නාරම රදගුරු හමුවී මඩු දේවස්ථානය වන්දනා කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 අගෝස්තු මස 03 දින මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් බැහැදැකීම සඳහා බිෂොප් නිලනිවස වෙත පැමිණියේය. ඔවුන්ගේ සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත රදගුරුතුමා සිය සුබ පැතුම් එක් කළේය.
අධ්‍යක්‍ෂ ජනරාල් පාබල ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් පාබල සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී 2024 ජූලි මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වූයේය.
රණවිරු සවියෙන් අස්වැද්දූ රිදියගම කුඹුරු යායේ වී අස්වනු නෙළයි

රිදියගම ප්‍රදේශයේ අස්වැද්දූ අක්කර 30ක වී අස්වැනු නෙලීම 2024 ජූලි මස 30 දින පැවැත්විය. මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සී.ඒ රාජපක්‍ෂ ආර්එස්පී විසින් ක්‍රියාන්විත සඳහා ඉදිරි සූදානම නිරීක්‍ෂනය කිරීම සඳහා 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ශ්‍රී මහා බෝධියේ වාර්ෂක පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.
වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාය 56 පාබල සේනාංකයේ රුධිරය පරිත්‍යාග කළ භටපිරිස් අගය කරයි

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා ඒකකයේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාගයන් සිදු කල පුද්ගලයන් වෙත උපහර පිදීමේ උසත්සවය සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පීඑස්සී වෙත 2024 ජූලි මස 24 දින ආරාධනා කරන ලදී.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඩී. උදය කුමාර යූඑස්පී යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකින් 2024 ජූලි මස 24 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ සහ එහි බලඇණිවල නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 23 දින වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය සහ එම මූලස්ථානය යටතේ පාලනය වන බලඇණිවල සංචාරයක නිරත විය.
23 පාබල සේනාංක මූලස්ථානය තම 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

23 පාබල සේනාංකය අභිමානවත් 27 වන සංවත්සර දිනය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඒම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මූලිකත්වයෙන් 2024 ජූලි මස 23 දින වැඩසටහන් මාලාවකින් සමරණු ලැබීය.
22 පාබල සේනාංක මූලස්ථානය 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

22 පාබල සේනාංක මූලස්ථානයේ 27 වන සංවත්සරය වෙනුවෙන් 2024 ජූලි මස 23 දින උත්සව මාලාවක් පැවැත්වින.