22 පාබල සේනාංක මූලස්ථානය 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
29th July 2024
22 පාබල සේනාංක මූලස්ථානයේ 27 වන සංවත්සරය වෙනුවෙන් 2024 ජූලි මස 23 දින උත්සව මාලාවක් පැවැත්වින.
සංවත්සරයට සමගාමීව එම සේනාංකය විසින්"රේවත" ළමා නිවාසයේ නේවාසික දරුවන් වෙනුවෙන් 2024 ජූලි මස 21 දින දිවා භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග බෙදා දෙමින් සංවත්සර සැමරුම ආරම්භ විය.
සියලු නිලයන් වෙනුවෙන් ආර්ශිවාද පතා 2024 ජූලි මස 22 දින පිරිත් දේශනාවක් පැවැත් වූ අතර, ඊට පසු දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
සේනාංක මූලස්ථානයට සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජූලි මස 23 දින හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කළේය. අනතුරුව, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වීමට පෙර එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
22 පාබල සේනාංකයේ සංවත්සරය දින වෙනුවෙන් පැවති උත්සව මාලාව නිමාකරමින් එදින සන්ද්‍යාවේදී වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත් විය.