යුද්ධ හමුදා විශේෂාංග
වග ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

පසුගිය දිනවල පැවති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ අතර එම හේතුවෙන් පවුල් රැසක් අවතැන් වූ අතර මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 2024 ජුනි මස 19 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ගංවතුරෙන් වැඩිපුරම පීඩාවට පත් වූ වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ජුනි මස 04 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 12 සිට 16 දින දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම මෙම තරඟාවලියේදී සිය දක්‍ෂතා විදහා දක්වමින් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත්වූහ.
පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විසිරයාමේ උත්සවයක්

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාවල සහ මූලික පිහිනුම් පාඨමාලාවේ විසිරයාමේ උත්සවයක් 2024 මැයි මස 07 දින පැවති අතර එහිදී, 4 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරණ ලද 2024 පළමු කණ්ඩායම සඳහා සහතික ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණී.
යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ
නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අක්‍ෂි ආබාධ සහිත පුද්ගලයින් 166 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක්

11 ගැමුණු හේවා බලකාය වෙතින් 56 පාබල සේනාංකයේ සම්බන්ධීකරණය යටතේ පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානය සමඟ එක්ව අප්‍රේල් මස 24 දින නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අක්‍ෂි ආබාධ සහිත පුද්ගලයින් 166 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හන්තාන කඳුවැටියේ අතුරුදන් වූ යුවලක් සොයාගනී

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 06 දින හන්තාන කඳුවැටියේදී අතුරුදන් වූ යුවලක් සොයා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 24 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න
56 පාබල සේනාංකය, යාපනය ශික්‍ෂණ රෝහල සමඟ එක්ව නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැඩසටහනක් දියත්කරයි

56 පාබල සේනාංකය මූලිකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ
5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය සාලියපුරදී සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය මෙවරත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දී පසුගිය සඳුදා (මාර්තු මස 11) දින පවත්වනු ලැබීය.