යුද්ධ හමුදා විශේෂාංග

Clear

නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් තවත් නිවාසයකට මුල්ගල තබයි

2024-08-09

ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉඳිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක්

2024-08-09

කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක් 2024 ජූලි මස 31 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී පවත්වන ලදී.


6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 17 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2024-08-08

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සිය 17 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්.බී.එස්.බී.යූ.කේ ලියනගෙදර පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 02 දින උත්කර්ශවත් අයුරින් සමරන ලදී.


සන්නාහ සන්නද්ධ බළකාය Diners' Club වැඩසටහනක් පවත්වයි

2024-08-08

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ‘සන්නද්ධ බලකා නිවස්නය’ (Cavalry Mess) දී Diners' Club වැඩසටහනක් 2024 ජූලි මස 31 දින පවත්වන ලදී


ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භට පිරිස් වවුනියාව ප්‍රදේශයේ කුරුඳු වගා කරයි

2024-08-08

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 04 දින පරසන්කුලම් ප්‍රදේශයේ කුරුඳු වගා වැඩසටහනක් ක්‍රියාත්ම කරනු ලැබීය.


52 පාබල සේනාංකාධිපති එම සේනංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ බලඇණිවල නිල සංචාරයක

2024-08-07

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජූලි මස 02, 04 සහ 08 යන දිනයන්හිදී 521, 522, සහ 523 යන පාබල බලසේනාවල සහ ඒවායන් හි බලඇණිවල නිල සංචාරයක නිරත විය.


කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවිය

2024-08-06

කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය කාර්යාලයේ දී හමුවිය.


53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක

2024-08-06

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී නිකවැව ස්ථාපිත ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ 2024 ජූලි මස 23 දින නිල සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී උසස් ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාඨමාලා අංක- 2 හි සමාරම්භක දේශනය එතුමන් විසින් සිදු කරනු ලැබීය.


‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සාර්ථකව විසිර යයි

2024-08-06

අම්පාර සටන් පුහුණු පාසලේ ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සහතිකපත්‍ ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 05 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.


ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව සාර්ථකව විසිරයයි

2024-08-05

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව නිලධාරි අංක - 34, සෙසුනිල අංක -37 සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක -76 යන පාඨමාලාවන් හැදැරූ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 246 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය 2024 ජූලි මස 31 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූහ.