රණවිරු සවියෙන් අස්වැද්දූ රිදියගම කුඹුරු යායේ වී අස්වනු නෙළයි
2nd August 2024
රිදියගම ප්‍රදේශයේ අස්වැද්දූ අක්කර 30ක වී අස්වැනු නෙලීම 2024 ජූලි මස 30 දින පැවැත්විය. මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.
මීට මාස කිහිපයකට පෙර භට පිරිස් විසින් මෙම කුඹුරු යායේ වී වපුරන ලද අතර, මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ආගමික වතාවත්වලින් අනතුරුව, වී අස්වනු නෙළීම ආරම්භ කෙරිණ.
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 2 රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භට පිරිස් විසින් මෙම කුඹුරු අක්කර 30 වගා කරන ලදී.
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 2 රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භට පිරිස් විසින් මෙම කුඹුරු අක්කර 30 වගා කරන ලදී.