අධ්‍යක්‍ෂ ජනරාල් පාබල ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක

4th August 2024

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් පාබල සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී 2024 ජූලි මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වූයේය.

එම ස්ථානයට සැපැමිණි එතුමන් බලඇණි පුහුණු පාසලේ සේනාවිධායකතුමන් සහ සියලු නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව, සේනාවිධායකතුමන් විසින් බළඇණි පුහුණු පාසලේ ක්‍රියාකාරකම් සහ ජයග්‍රහණන් පිළිබඳව දැනුවත් කළේය.

අධ්‍යක්‍ෂක ජනරාල් පාබල විසින් භට පිරිස් අමතමින් හමුදාවේ සියලු නිලයන්ගේ පුහුණුව සහ විනය උසස් මට්ටමේ පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් වීමේ අවශ්‍යතාව ද එතුමන් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.