58 පාබල සේනාංකයේ සේනාංකාධිපති 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක

31st July 2024

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සී.ඒ රාජපක්‍ෂ ආර්එස්පී විසින් ක්‍රියාන්විත සඳහා ඉදිරි සූදානම නිරීක්‍ෂනය කිරීම සඳහා 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

සංචාරය අතරතුර සේනාංකාධිපති විසින් සෙවීමේ හා මුදවා ගැනීමේ සහ කැරලි මර්දන කණ්ඩායම්වල උපකරණ නිරික්ෂණයක යෙදුනු අතර, ඉන් අනතුරුව, අණදෙන නිලධාරී විසින් බලඇණියේ සටන් සහ ආපදා ප්‍රතිචාර සූදානම පිළිබඳව සේනාංකාධිපතිව දැනුවත් කරන ලදි.

සේනාංකාධිපති තුමන් විසින් භඨපිරිස් අමතමින් කොළඹ ප්‍රදේශයේ ස්ථානගතව සිදු කරන ලද රාජකාරින් ඇගයීමට ලක්කල අතර‚ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලට සොල්දාදුවන් පෙළඹීම පිළිබඳව දැනුවත් කර සියලු නිලයන් අතර ඉහළ විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. එතුමන් 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව, එදිනට නියමිත දවසේ වැඩකටයුතු අවසන් විය.