යුද්ධ හමුදා විශේෂාංග

Clear

අන්තර් රෙජිමේන්තු කරා‍තේ ශූරතාවලිය -2024 සාර්ථකව අවසන්

2024-07-28

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවේ අවසාන තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති


Diners’Club වැඩසටහනක් කලත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී

2024-07-28

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් Diners’ Club වැඩසටහනක් කලත්තෑව එම බළකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 24 දින පැවැත් විය.


අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024 පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

2024-07-28

අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024 ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකායේ බලකාධිපති, යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන් වීම යටතේ 2024 ජූලි මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.


12 පාබල සේනාංකයේ සේනාංකාධිපති 121 පාබල බලසේනාවේ සහ එහි ඒකකයන් හි නිල සංචාරයක නිරත විය

2024-07-28

12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව් .ඩබ්ලිව් .එම් .ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 121 පාබල බලසේනාව, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 ගැමුණු හේවා බලකායේ 2024 ජූලි මස 24 දින නිල සංචාරයක නිරත විය.


ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන්, 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

2024-07-23

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 16 දින වටරැක ප්‍රදේශයේ ස්ථාපිත 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවූයේය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් රත්මලාන අන්ධ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-07-19

75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී


ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය‍

2024-07-19

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ කටයුතු කර නික්ම යනු ලබන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2024 ජූලි මස 12 දින එම සේනාංක මූලස්ථානයේ පැවැත්විනි.


10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වෙයි

2024-07-15

10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2024 ජූලි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන් ශක්තිමත් කිරීමේ අරමුණු කරගනිමින් මෙම සමුළුව පවත්වනු ලැබීය.


වව්නියාව පූවරසන්කුලම් මහා විද්‍යාලයේ කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක්

2024-07-04

පූවරසන්කුලම් මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 02 දින ක්‍රියාත්මක කරනු ලැබීය.


56 පාබල සේනාංක වොලිබෝල් තරඟාවලියේ ජය 7 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

2024-07-04

56 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණිවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුලි මස 02 දින 56 පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.