ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මන්නාරම රදගුරු හමුවී මඩු දේවස්ථානය වන්දනා කරයි
5th August 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 අගෝස්තු මස 03 දින මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් බැහැදැකීම සඳහා බිෂොප් නිලනිවස වෙත පැමිණියේය. ඔවුන්ගේ සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත රදගුරුතුමා සිය සුබ පැතුම් එක් කළේය.
ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් අප ස්වාමිදූගේ මඩු දේවස්ථානය වෙත ගිය අතර, එහිදී එම දේවස්ථානයේ ගරු පී.ඥානප්‍රගාසම් පියතුමා හමුවූයේය. එළබෙන මඩු මංගල්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ආරක්‍ෂක ක්‍රියාමාර්ග පිළිබඳව එතුමන් සාකච්ඡා කළ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි රට වෙනුවෙන් කළ කැපවීම අගයමින් පියතුමන් සිය අශිර්වාදය එක්කලේය.
මෙම අවස්ථාවට 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.