වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාය 56 පාබල සේනාංකයේ රුධිරය පරිත්‍යාග කළ භටපිරිස් අගය කරයි
30th July 2024
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා ඒකකයේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාගයන් සිදු කල පුද්ගලයන් වෙත උපහර පිදීමේ උසත්සවය සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පීඑස්සී වෙත 2024 ජූලි මස 24 දින ආරාධනා කරන ලදී.
56 පාබල සේනාංකයේ භට පිරිස් වව්නියාව ප්‍රදේශයේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ගණනාවකට රුධිරය පරිත්‍යාග කරමින් ජාතික රුධිර පාරවිලයන ඒකකය වෙත රුධිරය විශාල ප්‍රමාණයක් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්.එස්.සී. දිසානායක ආර්එස්පී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් කේ. ජයවීර සහභාගී වූහ.