යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ධූරයේ රාජකාරි අරඹයි
30th July 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඩී. උදය කුමාර යූඑස්පී යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකින් 2024 ජූලි මස 24 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය
නව අධ්‍යක්‍ෂක තුමන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන්න තබමින් නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.