1 බලකායේ බලකාධිපති සිය බලප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක

17th September 2024

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 9 සිට 11 දින දක්වා කාලය තුළ විශේෂ බලකා බලසේනාව, 3 සහ 2 කමාන්ඩෝ රෙජිමේන්තුව, 581 පාබල බලසේනාව සහ 5 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

එම සංචාරයන්හිදී, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. එමෙන්ම, බලසේනාධිපතිවරුන් සහ බලඇණියන්හි අණදෙන නිලධාරීන් විසින් එම මූලස්ථානයන්හි භටපිරිස් යෙදවීම, රාජකාරි සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීමක් සිදුකළහ. අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම මූලස්ථානයන්හි පැළ රෝපණය කර, සමූහ ඡායාරූපයන් සඳහා පෙනී සිටි අතර සියලු නිල තේ පැන් සංග්‍රහයන් සඳහා සහභාගී වී භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.