ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 571 පාබල බලසේනාවේ නිල සංචාරයක

17th September 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 16 දින 571 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 571 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.ජී.ජේ.පී. තිලකරත්න යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම බලසේනා මූලස්ථානයේ කාර්යභාරයන් සබැඳිව පුළුල් දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

එහිදී, ප්‍රදේශයේ ආරක්‍ෂාව, මැතිවරණ රාජකාරි සඳහා භටපිරිස් යෙදවීම, කඳවුරු පරිශ්‍රයන්හි පහසුකම් ඉදිකිරීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය වැනි ප්‍රධාන මාතෘකාවන් සබැඳිව දැනුවත් කෙරිණි.