122 පාබල බලසේනාවේ භටපිරිස් අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ රැස්වීම් පවත්වනු ලබන ගෙමිදුලෙහි ඉන්ටලොක් ගල් අතුරයි
21st September 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව, 122 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 18 දින හම්බන්තොට, අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ රැස්වීම් පවත්වනු ලබන ගෙමිදුලෙහි ඉන්ටලොක් ගල් අතුරනු ලැබීය.
පාසල් බලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදුන් අතර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදෙන ලදි.
සිසු සිසුවියන්ට වඩාත් ආරක්‍ෂිත සහ ක්‍රියාකාරී පරිසරයක් සකස් කරදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.