56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මඩුකන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි

18th September 2024

මඩුකන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 සැප්තැම්බර් මස 13 දින එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

උත්සව අවස්ථාව අතරතුර, එතුමන් එම විදුහලේ විදුහල්පතිතුමන් සමගින් නවතමයෙන් පත් වූ ශිෂ්‍ය නායකයින් 32 දෙදෙනෙකු වෙත ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීය. පසුව එතුමන් විසින් කෙටි දේශනයක් සිදුකරමින් නායකත්වයේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් සමාජයේ වගකිවයුතු සහ ඵලදායී නායකයින් ගොඩනැගීම සඳහා විනය සහ කැපවීම අත්‍යවශ්‍ය ගුණාංග බව වැඩිදුරටත් අවධාරණය කළේය.