ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 සාර්ථකව විසිරයයි
13th September 2024
ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 හි විසිර යාමේ පෙළපාලිය පුත්තලම ආධුනික පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 30 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ.රාජපක්‍ෂ ආර්එස්පී සහභාගී විය.
මාස හයක මූලික පුහුණු පාඨමාලාවක් හැදෑරූ ආධුනිකයින් අසූ දෙනෙක් විවිධ රෙජිමේන්තුවල රාජකාරීන් කිරීම සඳහා විසිර යන ලදී.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, විසිර යන අධුණිකයන්ගේ දෙමාපියන්, ඥාතීන් සහ සුබපතන්නන් පෙළපාලිය සඳහා සහභාගී වූහ.