විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

19th September 2024

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන හරිත කෘෂිකර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, වෘත්තීය දිවිය තුළදී එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පුදකළේය. සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය. යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

වර්ෂ 1990 නොවැම්බර් මස 03 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 35 බී යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී රත්මලාන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා සංඥා බලකායට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 පෙබරවාරි මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 සැප්තැම්බර් මස 25 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 17 පාබල බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, 6 පාබල බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, 53 පාබල සේනාංක මූලස්ථානයේ සංඥා නිලධාරි, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරි, 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරි, යුද්ධ හමුදා මූලස්ථාන සංඥා බලඝණයේ සංඥා නිලධාරි, සංඥා මූලික වැඩපළේ ඉලෙක්ට්‍රොනික යුධෝපකරණ අංශභාර නිලධාරි, සංඥා මූලික වැඩපළේ මාණ්ඩලික නිලධාරි 2, 53 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත), සංඥා බලසේනාවේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සන්නිවේදන), 22 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය මාණ්ඩලික නිලධාරි, 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු උපදේශක, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 62 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), සමස්ත කලාප අණදෙන මූලස්ථානයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා පුහුණු අණසක කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා පුහුණු අණසක කර්නල් (සංකල්ප හා මූලධර්ම), කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් (විශ්ලේෂණ), කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ), හරිත කෘෂිකර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) සහ හරිත කෘෂිකර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය වෘත්තීය දිවිය තුළදී, නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව, විශේෂ බලකා පුහුණු පාසලේ උපදේශක පාඨමාලාව, ක්‍රියාන්විත කාර්ය මණ්ඩල රාජකාරි පාඨමාලාව, විද්‍යූත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ රේඩාර් පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, රේඩාර් නඩත්තුව පිළිබඳ පුහුණු පාඨමාලාව - චීනය, සංඥා තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව සහ යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව - පාකිස්තානය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හාදාරා ඇත.

එමෙන්ම, එතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන), කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය, පාකිස්ථානයේ බලුකිස්තාන් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන (හමුදා - සිවිල් සබඳතා) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි හමුදාමය සහ හමුදාමය නොවන උසස් අධ්‍යයන පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.