5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්
16th September 2024
එළඹෙන 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ප්‍රජා සහයෝගීතාවය සහ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් තන්තිරිමලේ, මානෙල්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී විසින් සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම සඳහා 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් එම්.එන්.ඩී. ජයසිංහ ඇතුළු සියලුම නිලයන්ගේ දායකත්වය හිමිවූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කෙරිණි.