ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් මූලිකත්වයෙන් දියතලාව පළාත් ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ වැඩසටහනක්
27th September 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින දියතලාව පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව මෙම වැඩසටහන පැවැත්විණි.
17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහාය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. නිලධාරීයෙකුගේ අධීක්‍ෂණය යටතේ සෙසුනිලයන් 50 දෙනෙකු එහිදී රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සහ විදුලි හා ජලනල පද්ධති පරීක්‍ෂා කිරීම සිදුකරන ලදී.