10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකරයි

24th September 2024

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස මත සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 13 දින සාර්ථකව නිම කර එම විහාරස්ථානය වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් වූහ.