211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

24th September 2024

211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් 2024 සැප්තැම්බර් මස 16 දින පදවිය රෝහලේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකට සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා පදවිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ පූර්ණ දායකත්වය හිමිවිය. කොළඹ රාජකීය විද්‍යාලයීය රතු කුරුස සමාජයේ 45 වන වාර්ෂික ලේ දන්දීමේ ව්‍යාපාරයේ කොටසක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.