උණුසුම් පුවත්
යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මුලතිව් සහ නැගෙනහිර භට පිරිස් ප්‍රජා සත්කාරයන්ට මුල්තැන

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මස 7 සිට 10 දක්වා වට්ටප්පලෙයි ප්‍රධාන මාර්ගයේ දෙපස පිරිසිදු කිරීම සහ දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇතුළු ප්‍රජා ව්‍යාපෘතින් ................
දකුණු සහ අග්නිදිග ආසියාවේ එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් යුද්ධ හමුදාධිපති හමුවේ

දකුණු සහ අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ජෝශප් ෆෙල්ටර් (Dr Joshep Felter) මහතා අද (13) උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
යුද්ධ හමුදා සංවත්සරයට සමගමීව යාපනය, වන්නි සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන් හි වැඩසටහන්

68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංවත්සර වැඩසටහන් සංවිධානය කරනු ලැබු අතර, හමුදා සම්ප්‍රදායානුකුලව 68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය ......
යුද්ධ හමුදා දිනයේ දී සෙබලෙකු වෙත නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධන ව්‍යාපෘතින්හි තවත් එක් පියවරක් ලෙස සාලියවැව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් යුද්ධ හමුදා දිනයේ දී (ඔක්තෝබර් 10) ආර්ථික අපහසුතා හේතුවෙන් නිවසක් නොමැතිව සිටි සෙබලෙකු වෙනුවෙන් රාජාංගනය ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර පිළිගන්වන ලදි.
මිත්‍ර ශක්ති ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට ශ්‍රී ලංකා භට පිරිස් ඉන්දියාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 110 ක් ඉන්දියාවේ දි පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ එකාබද්ධ යුධ අභ්‍යාස පුහුණුවට සහභාගිවීම සඳහා අද (11) දින උදෑසන ඉන්දියාව බලා පිටත් විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ පුහුණු අභ්‍යාසය.....
රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් යුද්ධ හමුදා දින සැමරේ

යුද්ධ හමුදා 68 වන වර්ෂ පුර්ණය සහ යුද්ධ හමුදා දින (ඔක්තෝබර් මස 10 දින) සංවත්සර වැඩසටහන් මාලාවේ රණවිරුවන් වෙත උපහාර පුද කිරිමේ උත්සවය බත්තරමුල්ල පාර්ලිමේන්තු පිටියේ පිහිටි රණවිරු ස්මාරකය අභියස අඟහරුවාදා (10) දින සන්ධ්‍යාවේ දී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන් අත්තිඩියේ සහ රාගම රණවිරු සෙවණෙ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බලයි

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවති සංවත්සර උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රට වෙනුවෙන් යුධ වැදී පූර්ණ ආබාධිත තත්වයට පත්ව අත්තිඩිය, මිහිඳුසෙත් මැඳුරේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමට පැමිණියහ.
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන්ගේ කලා කෞශල්‍ය ‘ශීල්ප අභිමානී - 2017’ ප්‍රදර්ශනයේදී එළිදක්වයි

ජාතික ශීල්ප සභාව (National Crafts Council ) විසින් පවත්වනු ලබන ‘ශීල්ප අභිමානි - 2017’ ප්‍රදර්ශනයේදී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 43 දෙනෙකු විසින් සාමූහිකව හා කේවල වශයෙන් ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක සහ සම්ප්‍රදායික අත්කම් නිර්මාණයන් එළිදක්වනු ලබන ප්‍රදර්ශන කුටියක්......
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීමට අයඳුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත. වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවෙහි ‘අප හා එක්වන්න’ තිරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.
යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේදී බදාදා (04) දින පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාවේදී යුද්ධ හමුදා ධජයන් කෝවිල් මන්දිරයට රැගෙන සම්ප්‍රදායිකව හින්දු ආගමික වතාවත් සිදුකර ආශිර්වාද කරන ලදී.
