යුද්ධ හමුදා දිනයේ දී සෙබලෙකු වෙත නව නිවසක්
11th October 2017
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධන ව්‍යාපෘතින්හි තවත් එක් පියවරක් ලෙස සාලියවැව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් යුද්ධ හමුදා දිනයේ දී (ඔක්තෝබර් 10) ආර්ථික අපහසුතා හේතුවෙන් නිවසක් නොමැතිව සිටි සෙබලෙකු වෙනුවෙන් රාජාංගනය ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර පිළිගන්වන ලදි.
11 වන ගජබා රෙජිමේන්තුවට අයත් මෙම නව නිවාසලාභී සෙබලාගේ බිරිඳ දිර්ඝ කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙන අතර, ඇය හට මාසිකව ප්‍රතිකාර ලබාගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදුව ඇති හෙයින් නව නිවසක් තනාගැනිම ඔහුට අභියෝගයක් වී තිබුණි.
ඒ පිළබඳව අවධානය යොමු කළ යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ ගේ මුලිකත්වයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙතින් ලද මූල්‍යාධාර මඟින් මෙම නිවස ඉදිකිරිම සඳහා කටයුතු කරනු ලැබීය.
ඒ අනුව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ගේ අධික්ෂණය යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස්හි ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇත.
යුද්ධ හමුදා දිනයට සමගාමිව අඟහරුවාදා (10) දින බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ විසින් කෙටි උත්සවයකදි සෙබලා සහ එම පවුල වෙත නව නිවස ප්‍රදානය කරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම ප්‍රාදේශීය ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමණාකරු, රාජ්‍ය නිලධාරීන් ඇතුලු ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
| 
            
           
             
             
             
            