යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මුලතිව් සහ නැගෙනහිර භට පිරිස් ප්‍රජා සත්කාරයන්ට මුල්තැන
15th October 2017
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මස 7 සිට 10 දක්වා වට්ටප්පලෙයි ප්‍රධාන මාර්ගයේ දෙපස පිරිසිදු කිරීම සහ දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇතුළු ප්‍රජා ව්‍යාපෘතින් කිහිපයක්ම දියත් කළහ.සෙනසුරාදා (07) දින පැවති එම ශ්‍රමදාන ව්‍යාපෘතින් සඳහා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා සංවත්සර දිනයේ (10) දී යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, යුද්ධ හමුදාධිපතිතුමාගේ සංවත්සර දින පණිවිඩය කියවිම, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සහ සියලු නිල තේපැන් සංග්‍රහයක් පැවැත්විම ද සිදු කෙරිනි.
එසේම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් වෙත රසකැවිලි බෙදාදුන් අතර, එදින සන්ධ්‍යාවේ මූලස්ථාන බුදු මැඳුර පරිශ්‍රයේ පැවති බෝධි පූජා පිංකමත් සමඟින් සංවත්සර වැඩසටහන් මාලාව අවසන් විය.
එමෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය ද එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ උපදෙස් මත ප්‍රජා ව්‍යාපෘතීන්ට මුල්තැනක් දෙමින් යුද්ධ හමුදා දිනය සමරන ලදි.සඳුදා (09) දින සෙබලුන් 50 දෙනෙකු වැලිකන්ද රෝහල සහ ඒ අවට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ අතර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරනු ලැබීය.
යුද්ධ හමුදා දිනයේ දී යුද්ධ හමුදා ධජය එසවිම, යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවිඩය කියවිම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විම සිදු කළ අතර, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ඇතුලු අනෙකුත් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන් මාලාව සඳහා එක්ව සිටියහ.
| 
            
           
             
             
             
             
             
             
             
             
             
            