උණුසුම් පුවත්

Clear

සාක් කලාපීය ශිෂ්‍ය භටයින් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ

2017-10-21

බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්තානය යන සාක් කලාපීය රටවල ශිෂ්‍ය භටයින් 79 දෙනෙකු නියෝජනය කරමින් නියෝජිතයින් 5 දෙනෙකු අද (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේදි යුද්ධ හමුදාධිපතිතුමා සහ.......


ලෙබනන් ශ්‍රී ලංකා සාමසාධක බලඇණියට එක්සත් ජාතින්ගේ පදක්කම් හිමිගැන්වීම

2017-10-21

ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මුලස්ථානයේ සාමසාධක රාජකාරි සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් හට ඔවුන්ගේ සේවය අගයමින් එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනැමීමේ උත්සවයක් සඳුදා (09) දින පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්.....


ශ්‍රී ලංකා සංඥා බලකාය බලකා දිනය අභිමානවත්ව සමරයි

2017-10-20

ශ්‍රී ලංකා සංඥා බලකාය, බ්‍රහස්පතින්දා (19) දින සිය 74 වන සංවත්සරය සැමරු අතර, ඒ වෙනුවෙන් පනාගොඩ පිහිටි එම බලකා මුලස්ථානයේ දී මියගිය රණවිරුවන් සිහිකිරිම ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක......


නිවාඩු නොලබා සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

2017-10-19

ආරක්ෂක අමාත්‍ය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.


භට පිරිස් හි මුලිකත්වයෙන් යාපනයේ ආබාධිත පුද්ගලයින් වෙත කෘත්‍රිම අත් පා බෙදාදෙයි

2017-10-19

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාව විසින් මහනුවර, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් තවත් පිරිසක් වෙත කෘතිම අත් පා 26 ක් බෙදාදෙන ලදි.


‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව ඉදිරියට

2017-10-19

ඉන්දියාවේ දැන් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ ක්‍රියාන්විත යුධ අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ අභ්‍යාසයන් වල නියැලෙමින් පසුගිය දින කිහිපය තුල ඉන්දියානු පාබල හමුදා උපක්‍රම, අවි පුහුණුව සහ සංග්‍රාමික උපක්‍රම පිලිබඳව ද හැදරීමට අවස්ථාව ලැබී ඇත.


බංග්ලාදේශ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

2017-10-16

ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු සයිඩ් මැක්සුල් හකීම්අද (16) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


ඉරණපලෙයි විද්‍යාලයේ ආරක්ෂක තාප්පය යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර භාරදෙයි

2017-10-16

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් භට පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් ඉරණපලෙයි රෝමානු කතෝලික විද්‍යාලයේ ආරක්ෂක තාප්පය ඉදිකර 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව සඳුදා (09) දින......


මිත්‍ර ශක්ති ක්‍රියාන්විත යුධ අභ්‍යාසය ඉන්දියාවේදී ආරම්භ වේ

2017-10-16

මිත්‍ර ශක්ති 2017 ක්‍රියාන්විත යුධ අභ්‍යාස සමාරම්භක උත්සවය සිකුරාදා (13) දින ඉන්දියාවේ පූනේහි දෙවන මරාතා පාබල බලඇණි (2 MARATHA Infantry battalion) සරඹ පිටියේ දී පැවැත්විණි.


ගජබා රෙජිමේන්තුව සිය සංවත්සර දිනය අභිමානවත්ව සමරයි

2017-10-15

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ පාබල සටන් රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව සෙනසුරාදා (14) දින සිය 34 වන සංවත්සර දිනය අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී ඉතා අභිමානවත් ලෙස සමරනු ලැබීය.