දකුණු සහ අග්නිදිග ආසියාවේ එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් යුද්ධ හමුදාධිපති හමුවේ

13th October 2017

දකුණු සහ අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ජෝශප් ෆෙල්ටර් (Dr Joshep Felter) මහතා අද (13) උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එම සුහද හමුවේ දී යුද්ධ හමුදාධිපතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම්, අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු, වත්මන් ආරක්ෂක තත්ත්වය සහ හමුදාමය වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

සුහද හමුව අවසානයේ දී දේපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

|