උණුසුම් පුවත්
විදුලිය බිඳවැටිම් යථා තත්ත්වයට පත් කිරීමට සහ සහන සේවා කටයුතු සඳහා තවදුරටත් භට පිරිස් සහාය

අයහපත් කාලගුණයත් සමඟ පසුගිය දින කිහිපය තුල අදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති අතර, යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් මේ වනවිටත් ප්‍රදේශයන්හි ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටියි.
ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් යුද්ධ හමුදා භට පිරිස් මාලි දේශයේ එක්සත් ජාතින්ගේ මෙහෙයුම් සඳහා සුදානම්
එක්සත් ජාතින්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන රටක් වශයෙන් වර්තමානයේ දී ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ජාත්‍යන්තර කිර්තීය තවදුරටත් පතුරවමින් බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට....
යුද්ධ හමුදාධිපතිතුමන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් ඉදිරි දැක්ම පහදයි

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සිදු කල ප්‍රථම නිල සංචාරය සිකුරාදා (01) දින සිදු වූ අතර, එහිදි ඉතා ඉහළින් යුද්ධ හමුදාධිපති තුමන් පිළිගනු ලැබීය.
යුද්ධ හමුදාව නව සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් පැවැත්වු නායකත්ව පුහුණුවට ඉහල ප්‍රතිචාර

සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස නව පත්වීම් ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉතා විධිමත්ව සංවිධානය කරන ලද නායකත්ව පුහුණු පාඨමාලාව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණෙයන් දිවයින පුරා......
පස්කන්දක් කඩාවැටිමෙන් අඩපන වූ උඩරට දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට භට පිරිස් සහාය වේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට වැඩි පිරිසක් විසින් ඊයේ (29) උදෑසන බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය සහ ඉදල්ගස්සින්න අතර දුම්රිය මාර්ගය අවහිර කරමින්කඩා වැටි තිබූ පස් කන්ද ඉවත්කිරීමට කටයුතු කරන ලදි.
එක්සත් ජාතින්ගේ දකුණු සුඩාන සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා හමුදා භට පිරිස් වෙත සාම සාධක පදක්කම් පිරිනමයි

එක්සත් ජාතින්ගේ දකුණු සුඩාන් සාමසාධක හමුදාව (UNMISS) යටතේ එරට පවත්වාගෙන යන රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා හමුදා කණ්ඩයේ භට පිරිස් සාමසාධක රාජකාරින්හි මාස 6 ක කාලයක් සම්පුර්ණ කිරීම වෙනුවෙන් හිමිගන්වනු ලබන සාමසාධක පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය සිකුරාදා (24) දින සිදුවිය.
විද්‍යා සිසුවියගේ 21 වන උපන්දිනය සිහිපත් කරමින් පරිත්‍යාග වැඩසටහනක්

2015 වර්ෂයේ මැයි මසයේ දී සහාසිකයින් පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද විද්‍යා සීවලෝගනාදන් සිසුවියගේ 21 වන උපන්දිනය සිහිපත් කරමින් පරිත්‍යාගශීලින් කණ්ඩායමක් විසින් යාපනය පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ තොගයක් සෙනසුරාදා (25) දින පරිත්‍යාග කරනු ලැබීය.
විශ්‍රාම පුර්වක යුද්ධ හමුදා සාමාජිකයින්ට වෘත්තීය පාඨමාලා වරම්

යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවෙන් නුඳුරේ දී විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඵලදායිතාවය වෘත්තීය නිපුණත්වයකින් යුතුව තවදුරටත් සමාජයට ලබාදිමේ අදහසින් සහ ඔවුන්ට අමතර ආදායමක් උපයාගැනීමට අවස්ථාව සලසමින් ජලනල කාර්මික............
පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් 8 දෙනෙකු සහ ඔවුන් හසුරවන්නන් හට ප්‍රවීණතා ලාංජන පළඳවයි

14 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පුහුණුව ලබා විසිර යන පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් 8 දෙනෙකු සහ ඔවුන් හසුරවන්නන් වෙත ප්‍රවීණතා ලාංජන පැළදවීම පසුගියදා මත්තේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැති විසිරයාමේ පෙළපාලියක දී සිදුවිය.
මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ 50 වන සංවත්සරය වෙනුවෙන් නව පුස්තකාලයක්

යාපනය, පුතූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ 50 වන සංවත්සරයට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අග්ගමහාපණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක අනුස්මරණ පුස්තකාලය සිකුරාදා (17) දින සිසු අයිතියට පත් කරන ලදී.