නවතම තොරතුරු

පුහුණු

ඕස්ට්‍රේලියානු රාජකීය හමුදා ඉංජිනේරු බලකායෙන් බිම්බෝම්බ හඳුනාගැනීම පිළිබඳව වැඩමුළුවක්

2025-09-14
ඕස්ට්‍රේලියානු රාජකීය හමුදා ඉංජිනේරු බලකායෙන් බිම්බෝම්බ හඳුනාගැනීම පිළ

ඕස්ට්‍රේලියානු රාජකීය හමුදා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් 2025 සැප්තැම්බර් මස 08 දින සිට 11 දින දක්වා ශ්‍රී ලංකා යුධ ඉංජිනේරු පාසලේදී F3 බිම් බෝම්බ හඳුනාගැනීම පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.

තව කියවන්න

සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 12 සාර්ථකව අවසන්

2025-09-11
සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 12 සාර්ථකව අවසන්

සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 12 විසිර යාමේ පෙළපාලිය 2025 සැප්තැම්බර් මස 06 දින නයාරු, විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc සහභාගි විය.

තව කියවන්න

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2025-09-07
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහ

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මස 15 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරහිදී එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න

පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා පාඨමාලාවන් සාර්ථකව අවසන්

2025-08-30
පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා පාඨමාලාවන් සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා සාර්ථකව හදාරන ලැබූ සෙසුනිලයන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

තව කියවන්න

යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත යුද්ධ හමුදාව’ යන තේමාව ඔස්සේ දේශනයක්

2025-08-28
යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත යුද්ධ හමුදාව’ යන

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 2025 අගෝස්තු මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේදී ‘තෘප්තිමත් සහ නිර්භීත යුද්ධ හමුදාව’ යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

2025-08-16
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩමුළුවක් පවත්වය

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම යටතේ ‘මානසික සෞඛ්‍යය සහ සන්නද්ධ හමුදා සාමාජිකයන් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැළැක්වීම’ යන මැයෙන් තෙදින වැඩමුළුවක් 2025 අගෝස්තු මස 12 දින සිට 14 දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම දී පවත්වන ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ශාස්ත්‍රීය සංගීත චිකිත්සක සැසියක් පවත්වයි

2025-08-15
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ශාස්ත්‍රීය සංගීත චිකිත්සක සැසියක් පවත්ව

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ආරක්‍ෂක සේනා ආඥාපති යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 2025 අගෝස්තු මස 13 සහ 14 යන දිනයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහිදී ශාස්ත්‍රීය සංගීත චිකිත්සක වැඩසටහනක් පවත්වනු ලැබීය.

තව කියවන්න

යුද්ධ හමුදා යුද විද්‍යාලය මඟින් තොප්පිගලදී ‘Staff Ride’ අභ්‍යාසය පවත්වයි

2025-08-10
යුද්ධ හමුදා යුද විද්‍යාලය මඟින් තොප්පිගලදී ‘Staff Ride’ අභ්‍යාසය පවත්ව

මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින්ගේ ක්‍රියාන්විත දැනුම වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකගේ අධීක්‍ෂණය යටතේ ‘Staff Ride’ අභ්‍යාසය 2025 අගෝස්තු මස 06 දින සාර්ථකව පවත්වන ලදී. මෙම අභ්‍යාසය සාර්ථකව සංවිධානය කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිරගේ සහයෝගයද හිමිවිය.

තව කියවන්න

මිත්‍ර ශක්ති XI අභ්‍යාසයේ අවසන් සැලසුම් සමුළුව පවත්වයි

2025-08-07
මිත්‍ර ශක්ති XI අභ්‍යාසයේ අවසන් සැලසුම් සමුළුව පවත්වයි

මිත්‍ර ශක්ති XI අභ්‍යාසයේ අවසන් සැලසුම් සමුළුව 2025 ජූලි මස 30 දින සිට අගෝස්තු මස 02 දින දක්වා ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයේ, බෙලගාවි ප්‍රදේශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.එස් ජයවර්ධන RSP ndc සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු මෙම සමුළුව සඳහා සහභාගි වෙමින් පුහුණු ප්‍රදේශවල ක්ෂේත්‍ර සංචාරයක් සිදුකළ අතර ඉදිරි අභ්‍යාසයන් සිදුකරනු ලබන ආකාරය පිළිබඳව ඉන්දීය හමුදා නිලධාරින් සමඟ සැලසුම් සිදුකරනු ලැබීය.

තව කියවන්න

රුසියානු නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තෙවන සැලසුම් සමුළුව පවත්වයි

2025-08-07
රුසියානු නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තෙවන සැලසුම් සමුළ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP ගේ මඟපෙන්වීම මත රුසියානු - ශ්‍රී ලංකා උපායමාර්ගික ත්‍රස්ත විරෝධි අභ්‍යාසයේ තෙවන සැලසුම් සමුළුව රුසියානු හමුදා නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 05 දින පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේදී පැවැත්විණි.

තව කියවන්න