ඕස්ට්‍රේලියානු රාජකීය හමුදා ඉංජිනේරු බලකායෙන් බිම්බෝම්බ හඳුනාගැනීම පිළිබඳව වැඩමුළුවක්

ඕස්ට්‍රේලියානු රාජකීය හමුදා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් 2025 සැප්තැම්බර් මස 08 දින සිට 11 දින දක්වා ශ්‍රී ලංකා යුධ ඉංජිනේරු පාසලේදී F3 බිම් බෝම්බ හඳුනාගැනීම පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.

වැඩමුළුවේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන් ශ්‍රී ලංකා යුධ ඉංජිනේරු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc විසින් පිළිගන්නා ලදී.

එහිදී කර්නල් අමන්ඩා ජොන්ස්ටන් විසින් ආරක්‍ෂාව, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ මානුෂීය වගකීම යන පොදු අරමුණු පෙන්වා දෙමින් හමුදා ඉංජිනේරු විද්‍යාවේ වැදගත්කම අවධාරණය කරමින් දේශනයක් පවත්වන ලදී. මෙම වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.