පුහුණු
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් ‘බෝ නොවන රෝග අවම කිරීම’ පිළිබඳ දේශනයක්
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් 2025 ජූලි මස 09 දින ‘බෝ නොවන රෝග අවම කිරීම’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දේශනයක් පැවැත්වීය.
22 වන පාබල සේනාංකයේ මූලිකත්වයෙන් විගණන නිරීක්ෂණ පිළිබඳ වැඩමුළුවක්
22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2025 ජුනි මස 26 දින සිට 29 දින දක්වා විගණන නිරීක්ෂණ අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් පිළිබඳ දේශනයක්
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2025 ජූලි මස 03 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් ‘අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් වලදී යුද්ධ හමුදාවේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ දෙදින වැඩමුළුවක්
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2025 ජුලි මස 02 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ‘අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් වලදී යුද්ධ හමුදාවේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ දෙදින වැඩමුළුවක් පැවැත්වීය.
‘තරුණ නිලධාරි පාඨමාලා අංක - 70’ සාර්ථකව අවසන්
නිලධාරින් 32 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති ‘තරුණ නිලධාරි පාඨමාලා අංක - 70’ හි සමාප්ති උත්සවය 2025 ජුනි මස 29 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව - 77 සාර්ථකව අවසන්
විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව - 77 විසිරයාමේ පෙළපාලිය 2025 ජුනි මස 28 දින මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ මූලිකත්වයෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජුනි මස 23 දින බදුරලිය ප්‍රදේශයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල වෙතින් පළමු අධ්‍යයන වාරය සඳහා පවත්වනු ලැබූ පාඨමාලාවන් සාර්ථකව අවසන්
2025 වසරේ පළමු අධ්‍යයන වාරය සඳහා පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල මඟින් පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන් සාර්ථකව හදාරනු ලැබූ නිලධාරින්/සෙසුනිලයන් වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 ජුනි මස 19 දින එම පුහුණු පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සඳහා දේශනයක්
යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ‘හමුදා සාමාජිකයෙකු වශයෙන් තමාගේ චර්යාව’ යන මැයෙන් 2025 ජුනි මස 18 දින විශේෂ දේශනයක් පැවැත්විණි. මෙම දේශනය වෘත්තීමය උපදේශකවරියක් වන ලුතිනන් කර්නල් කේ.ඒ මුතාලිෆ් (විශ්‍රාමික) විසින් මෙහෙයවනු ලැබීය.
ඒකක වෙඩිකරුවන් පුහුණු කරවන්නන්ගේ පාඨමාලා අංක - 51 සාර්ථකව අවසන්
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.ජේ.ජී.ඒ.එම් සුබසිංහ RSP USP සහභාගී වු අතර, පාඨමාලාව හැදැරීම සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 28 දෙනෙකු සහභාගි විය.