පුහුණු
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසල විසින් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ප්‍රදානෝත්සවය පවත්වයි
විදුලි කාර්මික, දැව ශිල්පීන් (ගොඩනැගිලි) සහ ඉදිකිරීම් ශිල්පීන් (පෙදරේරු) සඳහා වන ජාතික වෘත්තීය සුදුසුකම් III මට්ටමේ (NVQ Level III) සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 ඔක්තෝබර් මස 17 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.
යුද්ධ හමුදාව මානසික සෞඛ්‍ය සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
‘සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැළැක්වීම’ යන මැයෙන් තෙදින වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 21 දින සිට 23 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී සාර්ථකව පැවැත්විණි.
ගුවන් ප්‍රහාරක පාඨමාලා අංක 30 විසිරයයි
ගුවන් ප්‍රහාරක පාඨමාලා අංක 30 හි විසිර යාමේ පෙළපාලිය 2025 ඔක්තෝබර් මස 15 දින ගුවන් සංග්‍රමික පුහුණු පාසලේදී පැවැත්විණි.
යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය එහි නිලධාරින් සඳහා වැඩමුළුවක් පවත්වයි
යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිලධාරින් සඳහා 2025 ඔක්තෝබර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී ‘නිවැරදි තාක්‍ෂණික පිරිවිතරයන් සකස් කිරීම’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස්හි සහභාගීත්වයෙන් ඇල්ල ප්‍රදේශයේදී ආපදා මුදාගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයක් පවත්වයි
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ආපදා අවස්ථාවකදී මුදාගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයක් 2025 ඔක්තෝබර් මස 16 දින පවත්වන ලදී. 2025 සැප්තැම්බර් මස 04 දින සිදු වූ ඛේදජනක බස්රථ අනතුරෙන් පසු ඉදිරියේදී සිදුවිය හැකි හදිසි අනතුරු සඳහා වන සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු අභ්‍යාසය සිදු කරනු ලැබීය.
යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
මිත්‍ර ශක්ති 2025 යුද අභ්‍යාසයේ පූර්ව පුහුණු පාඨමාලාව අරඹයි
11 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති 2025 යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 9 දින සිට නොවැම්බර් මස 23 දින දක්වා ඉන්දියාවේ බෙල්ගාවි හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා, සහභාගි වන කණ්ඩායම සඳහා පූර්ව පුහුණු පාඨමාලාව නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී ආරම්භ වූ අතර, එම අවසථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සඳහා බෝ නොවන රෝග පිළිබඳ දේශනයක්
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් 2025 ඔක්තෝබර් මස 01 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රේගු ක්‍රියා පටිපාටිය පිළිබඳ දේශනයක් පවත්වයි
යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ රේගු ක්‍රියා පටිපාටිය පිළිබඳ විශේෂ දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මස 30 දින පවත්වන ලදී.
කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 61 සාර්ථකව අවසන්
අම්පාර සටන් පුහුණු පාසල මඟින් පවත්වන ලද කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 61 හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් මස 16 දින එම පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.