පුහුණු
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 සාර්ථකව අවසන්
The Senior Non-Commissioned Officers’ (SNCOs’) Leadership and Career Development Course No – 58, conducted by the Combat Training School (CTS), Ampara, concluded with a certificates awarding ceremony on 14 February 2026.
මිහිඳු සෙත් මැදුර සුවතා මධ්‍යස්ථානයේදී රණක්ෂිතයට පත් රණවිරුවන්ට උපදේශන වැඩසටහනක්
මිහිඳු සෙත් මැදුර සුවතා මධ්‍යස්ථානයේ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ උපදේශන වැඩසටහනක් 2026 පෙබරවාරි මස 11 දින පවත්වන ලදී.
විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී
ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී. අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc ගේ මඟ පෙන්වීම මත ආරක්‍ෂක අමාත්‍යාංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ දේශනයක් 2026 පෙබරවාරි මස 11 වන දින යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
දකුණු සූඩාන් රාජ්‍යයේ දෙවන මට්ටමේ රෝහලක් විවෘත කිරීමට අදාලව පැවැත්වූ පෙර පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්
එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන සාමසාධක මෙහෙයුම් සදහා අනුයුක්ත කිරීමට නියමිත 13 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකා කණ්ඩායම සඳහා පවත්වනු ලැබූ දකුණු සූඩාන් රාජ්‍යයේ දෙවන මට්ටමේ රෝහලක් විවෘත කිරීමට අදාල පෙර පුහුණු පාඨමාලාව 2026 ජනවාරි මස 05 වන දින කුකුලේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ආරම්භ විය.
යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පුහුණු වැඩසටහනක් පවත්වයි
යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලුම නිලයන් සඳහා ‘උපායමාර්ගික පුහුණු වැඩපිළිවෙළ හරහා අභ්‍යන්තර නිරීක්‍ෂණ කටයුතු ශක්තිමත් කිරීම‘ යන මැයෙන් දින දෙකක පුහුණු වැඩසටහනක් 2026 ජනවාරි මස 22 දින සිට 23 දින දක්වා හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පවත්වයි
‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්‘ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් 2026 ජනවාරි මස 30 වන දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
බලඇණි ආධාරක අවි ජ්‍යෙකොනොනි/ කොනොනි පාඨමාලා අංක 103 සාර්ථකව අවසන්
බලඇණි ආධාරක අවි ජ්‍යෙකොනොනි/ කොනොනි පාඨමාලා අංක 103 (2025–II) හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 ජනවාරි මස 27 වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
කනිෂ්ඨ නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී පුණරීක්‍ෂන වැඩමුළුව සාර්ථකව අවසන්
කනිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වූ පුණරීක්‍ෂන වැඩමුළුවක් 2026 ජනවාරි මස 19 දින සිට 24 දින දක්වා නිකවැව, ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී පවත්වනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් 10 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 53 දෙනෙකු සහභාගී වූහ.
යුද්ධ හමුදා ක්‍රීඩා සාමාජිකයින් සඳහා ක්‍රීඩා අනතුරු වලක්වා ගැනීමේ වැඩමුළුවක්
යුද්ධ හමුදා ක්‍රීඩා සාමාජිකයින් සඳහා ක්‍රීඩා අනතුරු වලක්වා ගැනීමේ වැඩමුළුවක් 2026 ජනවාරි මස 20 වන දින පනාගොඩ, ක්‍රීඩා සංවර්ධන හා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 සාර්ථකව අවසන්
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි විසිර යාමේ පෙළපාලිය 2026 ජනවාරි මස 19 වන දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. එම පාඨමාලාව 2025 ජූලි මස 11 දින සිට 2026 ජනවාරි මස 19 දින දක්වා පැවැත්විණි.