පුහුණු
21 පාබල සේනාංක මූලස්ථානයේ පැවති මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 24 සාර්ථකව අවසන්
මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 24 සමාප්ති උත්සවය 2025 ජුනි මස 11 දින අනුරාධපුරයේ ස්ථාපිත 21 පාබල සේනාංක පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය පිළිබඳව දේශනයක් පවත්වයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් එම්.එන් ගුණවර්ධන psc IG විසින් 2025 ජුනි මස 03 දින ඔරුගොඩවත්ත සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ කාර්යාලයේදී මෙම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය සබැඳිව දේශනයක් පැවැත්වීය. මෙම දේශනය සඳහා යුද්ධ හමුදාවේ සිවිල් සේවක මහත්ම මහත්මීන් 71 දෙනෙකු සහභාගි වූහ.
ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 55 සාර්ථකව අවසන්
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 55, හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ජුනි මස 06 දින අම්පාර, සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.
මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂවාදී නීති පාඨමාලා (සෙසුනිල) - අංක 30 සාර්ථකව අවසන්
මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂවාදී නීති පාඨමාලා (සෙසුනිල) - අංක 30, නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 මැයි මස 05 දින සිට ජුනි මස 04 දින දක්වා කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වන ලදී.
පනාගොඩ රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේදී උසස් සයිබර් ආරක්‍ෂණ පුහුණු වැඩසටහනක් පවත්වයි
ඉන්දීය යුද්ධ හමුදා ජංගම පුහුණු කණ්ඩායම විසින් 2025 මැයි මස 5 සිට ජුනි මස 3 දින දක්වා පනාගොඩ රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේදී උසස් සයිබර් ආරක්‍ෂණ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. වත්මන් සයිබර් ආරක්‍ෂණ භාවිතයන් පිළිබඳ ගැඹුරු න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබාදීමෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සයිබර් ආරක්‍ෂක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.
24 පාබල සේනාංකයේදී ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන මැයෙන් වැඩමුළුවක් පවත්වයි
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, 24 පාබල සේනාංකයේ සහ අම්පාර සටන් පුහුණු පාසලේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන මැයෙන් වැඩමුළුවක් 2025 මැයි 23 සහ 24 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.
54 පාබල සේනාංකය ඡායාරූපකරණය පිළිබදව වැඩමුළුවක් පවත්වයි
21, 54, 56 සහ 59 පාබල සේනාංක යටතේ ස්ථාපිත බලඇණිවල භටපිරිස් සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම යටතේ 2025 මැයි මස 20 දින සිට 22 දින දක්වා දින තුනක ඡායාරූපකරණය පිළිබදව වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙතින් පුහුණු වැඩමුළුවක්
යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අතුරුගිරිය, OBD විද්‍යාපීඨය සමඟ එක්ව එම බලකායේ නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 06 දෙනෙකු සඳහා 2025 මැයි මස 08 සහ 09 යන දිනයන්හිදී Vehicle Scanning and Diagnosis පිළිබඳව දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වෙනුවෙන් බෝ නොවන රෝග පිළිබඳ දේශනයක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2025 මැයි මස 01 දින බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් ජී.ඒ රාජපක්‍ෂ විසින් පවත්වන ලද මෙම දේශනය මගින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගැනීම සඳහා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණ විය.
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 88 (2025/I) සාර්ථකව අවසන්
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 88 (2025/I)’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 29 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc සහභාගි විය.