පුහුණු
යුද්ධ හමුදා නිලධාරින්ගේ නායකත්ව ගුණාංග සහ තීරණගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් දේශනයක්
යුද්ධ හමුදා සාමාජිකයන් අතර නායකත්ව ගුණාංග සහ තීරණ ගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘මානව සාධක’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 අගෝස්තු මස 01 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම දේශනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP psc ගේ අධීක්‍ෂණය මත පැවැත්විණි.
ප්‍රථිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණූ පාඨමාලාව - නිලධාරි අංක - 35 සාර්ථකව අවසන්
2025 අප්‍රේල් මස 28 දින සිට අගෝස්තු මස 01 දින දක්වා මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පවත්වන ලද ප්‍රථිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණූ පාඨමාලාව - නිලධාරි අංක - 35 සාර්ථකව අවසන් විය.
මානව හිමිකම් හා මානුෂවාදී නීති උපදේශකයන් වෙනුවෙන් වැඩමුළුවක්
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මානව හිමිකම් හා මානුෂවාදී නීති උපදේශකයන් වෙනුවෙන් 2025 ජූලි මස 29 සිට 31 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී තෙදින වැඩමුළුවක් පැවැත්විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ පිළිබඳ දේශණයක්
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 21, 54 සහ 56 පාබල සේනාංකවල භටපිරිස් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 30 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී දේශනයක් පැවැත්විණි.
එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙතින් යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල වෙත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ කට්ටල පරිත්‍යාගයක්
ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙතින් 2025 ජූනි මස 30 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල වෙත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබීය. ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහ තාක්‍ෂණික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපීය ආරක්‍ෂාව සහ යුද්ධ හමුදා වෘත්තීයභාවය ඒ තුළින් තවදුරටත් තහවුරු කරයි.
නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ දේශනයක්
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිගේ අධීක්‍ෂණය මත නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 ජූලි මස 24 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩසටහන පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය මත විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබිණි.
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දේශනයක්
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී 2025 ජූලි මස 23 දින ‘රණවිරු සාහිත්‍ය තුලින් රණවිරු අභිප්‍රේරණය’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දැනුවත් කිරීමේ දේශන මාලාවක්
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, 1 බලකා මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යන මූලස්ථාන පරිශ්‍රයන්හිදී දැනුවත් කිරීමේ දේශන මාලාවක් පැවැත්වීය.
කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 60’ සාර්ථකව අවසන්
සටන් පුහුණු පාසලේදී පැවති ‘කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 60’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ජූලි මස 17 දින පැවැත්විණි.
53 පාබල සේනාංකයේ භටපිරිස්හි සහභාගිත්වයෙන් ‘Arrow Head Challenge 2025 - Combat Readiness’ තරඟය පැවැත්වෙයි
A specially trained section from each under-command battalion of the 53 Infantry Division (Reserve Strike Force) is competing in the Arrow Head Challenge 2025 – Combat Readiness Competition, which commenced on 14 July 2025 and will conclude on 18 July 2025.