පුහුණු
මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලා අංක 30 සාර්ථකව අවසන්
මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලා අංක 30 ගම්පොළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2026 අප්‍රේල් මස 22 දින සිට ජුනි මස 03 දින දක්වා පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා යුධ විද්‍යාලයේදී Dinners’ Club සහ Battlefield Case Study වැඩසටහන් යුද ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන්
යුද්ධ හමුදා යුධ විද්‍යාලය විසින් 2026 මාර්තු මස 25 සහ 26 යන දෙදින තුළ, Diners’ Club වැඩසටහනක් සහ මුලතිව් අල්ලා ගැනීම පාදක කරගනිමින් Battlefield Case Study වැඩසටහනක් පවත්වන ලදී.
කැරලි මර්ධන භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 1 සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වනු ලැබූ කැරලි මර්ධන භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 1 - හයිටි (අදියර I) 2026 මාර්තු මස 18 වන දින අවසන් කරන ලදී.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්
යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 2026 පෙබරවාරි මස 25 වන දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු මස 04 වන දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු මස 10 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 14 වන පාබල සේනාංකය දැනුවත් කිරීමේ දේශන පවත්වයි
යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2026 පෙබරවාරි මස 24 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 මාර්තු මස 03 දින 14 වන පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ සම්බන්ධීකරණ කාර්යාලය මඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී දේශනයක් පවත්වයි
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් වෙනුවෙන් බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්, ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ සම්බන්ධීකරණ කාර්යාලය මඟින් 2026 පෙබරවාරි මස 25 දින එම විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව අංක 90 මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව අවසන්
අංක 90 (2026–I) බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකින් පසු 2026 මැයි මස 19 දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.
වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන්
ජර්මනියේ ෆෙඩරල් ජනරජයේ එක්සත් ජාතීන්ගේ ජංගම පුහුණු කණ්ඩායම විසින් පවත්වන ලද වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සතුරු පරිසරයක මුර සංචාර/වාහන රැලි සහ කැරලි මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2026 මැයි මස 15 වන දින අවසන් විය.
පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේ ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා 2026 පළමු කාර්තුව සර්ථකව අවසන්
පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල විසින් පවත්වන ලද ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාවන් විසිර යාමේ පෙළපාලිය 2026 මැයි මස 18 දින යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ටොයෝටා ලංකා සමාගම වෙතින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික ශිල්පීන් සඳහා තාක්ෂණික වැඩමුළුවක්
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය යටතේ, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික ශිල්පීන් සඳහා වූ දෙදින තාක්‍ෂණික වැඩමුළුවක් 2026 මැයි මස 07 සහ 08 යන දිනයන්හි වත්තල ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමේදී පවත්වන ලදී.