2026-05-20

වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන්

ජර්මනියේ ෆෙඩරල් ජනරජයේ එක්සත් ජාතීන්ගේ ජංගම පුහුණු කණ්ඩායම විසින් පවත්වන ලද වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සතුරු පරිසරයක මුර සංචාර/වාහන රැලි සහ කැරලි මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2026 මැයි මස 15 වන දින අවසන් විය.

මෙම වැඩසටහන සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සහ මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී අදියර දෙකක් යටතේ 2026 අප්‍රේල් මස 20 දින සිට මැයි මස 15 දින දක්වා පවත්වනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් 54 දෙනෙකු සහභාගී වූහ.

සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවති වැඩසටහනේ සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ ගරු නියෝජ්‍ය තානාපතිනී සාරා හැසල්බාර්ත් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහභාගී විය.

වැඩසටහන සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් නියෝජ්‍ය තානාපතිවරිය විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.