පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේ ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා 2026 පළමු කාර්තුව සර්ථකව අවසන්
පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල විසින් පවත්වන ලද ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාවන් විසිර යාමේ පෙළපාලිය 2026 මැයි මස 18 දින යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජන මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්. ගමගේ RSP USP ndc psc සහභාගි විය.
නිලධාරී උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 21, උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 51 සහ සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 136 සාර්ථකව නිම කළ නිලධාරි උපදේශකවරුන් 24 දෙනෙකු සහ සෙසු නිල උපදේශකවරුන් 111 දෙනෙකු මෙහිදී විසිර ගියහ.
මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ දෙමාපියන් සහභාගි වූහ.
අදාළ පාඨමාලාවලදී විශිෂ්ට දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක් කිරීම ද මෙම උත්සවයේදී සිදුවිය.
උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 21 නිලධාරි
දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා - කැප්ටන් ආර්.සී.කේ. රාජකරුණ - 3 වන කොමාන්ඩෝ රෙජිමේන්තුව
විශිෂ්ටතම දරාගැනීමේ හැකියාව ඇති ශිෂ්‍යයා - ලුතිනන් පී.කේ.ජී.ජී.වී.එම්. බණ්ඩාර - 4 වන විශේෂ බලකා රෙජිමේන්තුව
දක්ෂතම ක්‍රීඩකයා - ලුතිනන් ජේ.එම්.සී.එම්.බී. ජයලත් - 2 වන බලඇණිය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
දක්ෂතම ශිෂ්‍යයා - ලුතිනන් පී.කේ.ජී.ජී.වී.එම්. බණ්ඩාර - 4 වන විශේෂ බලකා රෙජිමේන්තුව
උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 51සෙසු නිල
දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා - ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.ජී.එස්.එන්. සංජීව - 2 වන විශේෂ බලකා රෙජිමේන්තුව
විශිෂ්ටතම දරාගැනීමේ හැකියාව ඇති ශිෂ්‍යයා - සංඥා සෙබළ බී.එච්.එම්.එස්. තිවංක - 9 වන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සංඥා බලකාය
දක්ෂතම ක්‍රීඩකයා - කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එස්.එල්. වේරගොඩ - 2 වන විශේෂ බලකා රෙජිමේන්තුව
දක්ෂතම ශිෂ්‍යයා - සෙබළ බී.ඩී.යූ. ශාන්ත - 7 වන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 136
දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා - කෝප්‍රල් කේ.ටී.එච්. හංසමාල් - 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව
විශිෂ්ටතම දරාගැනීමේ ඇති ශිෂ්‍යයා - ලාන්ස් බොම්බිඩියර් එස්. සෝමපාල - 8 වන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දක්ෂතම ක්‍රීඩකයා - කෝප්‍රල් එල්.එස්. බාලසූරිය - 2 වන විශේෂ බලකා රෙජිමේන්තුව
දක්ෂතම ශිෂ්‍යයා - කෝප්‍රල් කේ.ටී.එච්. හංසමාල් - 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව
දක්ෂතම පෙළ අණදෙන්නා - ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.සී.එස්. කුමාර - 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව