2026-05-22
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව අංක 90 මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව අවසන්
අංක 90 (2026–I) බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකින් පසු 2026 මැයි මස 19 දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස් මොල්ලිගොඩ USP psc සහභාගී වෙමින් පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් වෙත සහතික පත් ප්‍රදානය කරන ලදී. එහිදී පාඨමාලාවේ දක්ෂතා දක්වමින් 5 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් එච්.ඒ.ඩී.අයි.යූ හතුරුසිංහ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.